Latest News

ලංකාවේ මන්දපෝෂණය ගැන අලුත් කතාව

දරුවන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් මුළු රටේම දත්ත මේ වනවිට විශ්ලේෂණය කර අවසන් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඊයේ (30) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා.

මෙහිදී පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කලේ, වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය 15.3% දක්වා ඉහළ ගොස් ඇති බවයි.

දිවයින පුරා සිදු කළ සමීක්ෂණයකින් මේ බව අනාවරණ වී ඇති අතර, පසුගිය වසරට සාපේක්ෂ ව දිවයිනේ සියලුම දිස්ත්‍රික්වල දරුවන්ගේ වර්ධනය අඩාල වී ඇති බවයි එහි දී අනාවරණ වී ඇත්තේ.

මෙහිදී පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කෞෂල්‍යා කස්තුරිආරච්චි මහත්මිය සඳහන් කලේ,

“රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය, උඩවලව සහ ගොඩකවෙල කියන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 03 හැරුණාම ලංකාවේ සියලූම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස. ඒ කියන්නේ 353කින් දත්ත අපිට වාර්තා වුණා… 2022 ඔක්තෝබර් මාසය සඳහා.14 ලක්ෂ 33,676ක් වයස අවුරුදු 05ට අඩු දරුවන් ලියාපදිංචි කරගෙන තිබෙනවා. ඉන් 13 ලක්ෂ 63,747ක් දරුවන්ගේ බර හෝ උස, දිග පසුගිය මාසය ඇතුළත මැනලා තිබෙනවා.දත්ත සටහන් කරගැනීමේ අඩුම ප්‍රතිශතයක් වාර්තා වෙන්නේ කොළඹ මහනගර සභා සීමාවෙන්. ඒ 69.8%ක්.මන්දපෝෂණයේ මුල් අවස්ථාව හෙවත් වර්ධනයේ අඩාලවීම පෙන්නුම් කළ දරුවන්ගේ ප්‍රතිශතය 24.8%ක්.”