Latest News

ගායන ශිල්පිනී ක්‍රිස්ටීන් මැක්වි අභාවප්‍රාප්ත වෙයි

“ෆ්ලීවුඩ් මැක්” සංගීත කණ්ඩායමේ ගායන ශිල්පිනී ක්‍රිස්ටීන් මැක්වි හෘදයාබාධ රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ක්‍රිස්ටීන් මැක්වි 79 හැවිරිදි වියේ පසුවුණා.

ඇය සිය පවුලේ අය අසල සිටියදී ම රෝහලකදී මිය ගිය බව සඳහන්.

ඇය විසින් ගායනා කළ “Songbird”, “Little Lies” වැනි ගීත ලොව පුරා රසිකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණා.

එමෙන්ම Little Lies, Everywhere, Don’t Stop, Say You Love Me සහ Songbird ඇතුළු ජනප්‍රිය ගීත ගණනාවක් රචනා කරනු ලැබුවේ ඇය යි.

ක්‍රිස්ටීන් මැක්වි 1998 දී වසර 28 කට පසු Fleetwood Mac හැර ගිය නමුත් පසුව ඇය 2014 දී නැවත එක්ව තිබුණා.