දරුවන්ට උගන්වනවාද?කන්න දෙනවාද? මව්පියන් ප්‍රශ්නයක
අද වන විට ලංකාවේ දෙමව්පියන් දරුවන්ට උගන්වනවාද?කන්න දෙනවාද? යන ප්‍රශ්නයට මැදි වී සිටින බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය පවසනවා.
මෙහිදී මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කලේ, දරුවන් වෙනුවෙන් අදාළ කාරණා දෙකම ඉටු කරන්නට බහුතරයක් මවුපියන්ට නොහැකි වී තිබෙන බවයි.
අධ්‍යාපන අමාත්‍යංශය සහ කාන්තා ළමා කටයුතු, සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශය පිළිබඳ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මේ බව සඳහන් කළා.