කුසගින්න ඉවසා ගැනීමට නොහැකිව කාන්තාවක් දිවිනසා ගනියි
රටේ පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ නිවසේ ආහාර පිණිස කිසිවත් නොමැතිවීම හේතුවෙන් කුසගින්න ඉවසා ගැනීමට නොහැකිව දිවිනසා ගත් කාන්තාවක් පිළිබඳව අරණායක ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ, අරණායක බොස්සැල්ල කළුගල පදිංචිව සිටි 74 හැවිරිදි එක්දරු මවක්.
නිවසේ තිබුණු පලිබෝධ නාශකයක් වැනි විෂ දියරයක් පානය කිරීමෙන් මෙම කාන්තාව ඊයේ (01) මිය ගොස්ව තිබෙනවා.
ජීවිතක්ෂයට පත්ව ඇති එක් දරු මවගේ සැමියා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කර උපයන මුදලින් දෙදෙනා ජීවත් වෙමින් සිට ඇති අතර ස්වාමි පුරුෂයාට ද කකුල් දෙකෙන් පහළ කොටසේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයක පමණ කාලයක සිට ඇවිද ගැනීමට නොහැකි වීම නිසා ආර්ථික දුෂ්කරතා රැසකට මෙම යුවල මුහුණ පා තිබෙන බවයි වාර්තා වන්නේ.
ඔවුන් දෙදෙනාට මසකට වැඩිහිටි දීමනාව ලෙස රුපියල් 1900 ක් ද ගොවි විශ්‍රාම වැටුප ලෙස රුපියල් 1950 ක් සමග මසකට රුපියල් 3850 ක මුදලකින් ජීවත් වෙමන් සිට තිබෙනවා.
අදාළ කාන්තාවගේ සැමියා වන සයිමන් මහතා විසින් මරණ පරීක්ෂණයේදී සඳහන් කර ඇත්තේ,ආර්ථික ප්‍රශ්න හමුවේ ජීවත් වීමට නොහැකි වීම හේතුවෙන් ඇය දින ගණනාවක සිට කනස්සල්ලෙන් සිටි බවයි.