Latest News

කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික බලපෑම් කළ සෙබළෙකු අත්අඩංගුවට

මාවනැල්ල පොලිස් ස්ථානයේදී කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික බලපෑම් කළ බව කියන සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, උස්සාපිටිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි යුද හමුදා සෙබළෙක් බව අනාවරණ වී තිබෙනවා.

මෙහිදී පොලිසිය සඳහන් කලේ,පොලිස් ස්ථානයට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විවිධ අසභ්‍ය වචන කියමින් තමන්ට ලිංගික ප්‍රහාරයක් එල්ල කළ බවට කාන්තා පොලිස් කොස්තාපල්වරිය පොලිසියට පැමිණිලි කළ බවයි.

තමන් පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදී සිටිය දී එක් අයකු තමා පිළිබඳ අනෙක් පුද්ගලයා සමග ඉතා පිළිකුල් සහගත ලෙස කතා කළ බව එම පැමිණිල්ලට අනුව කොස්තාපල්වරිය චෝදනා කර තිබෙනවා.

අදාළ පුද්ගලයා මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර සැකකරු සමග පැමිණි අනෙක් පුද්ගලයාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බව පොලිසිය සඳහන් කළා.