වසර එකොළහක් අධිකරණයෙන් කට්ටි පැන්න කාන්තාවක් අත්අඩංගුවට
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු විභාගයකට පෙනි නොසිටීම හේතුවෙන් වරෙන්තු ලබා වසර 11ක් මුළුල්ලේ සැඟව සිටි සැකකාරියක් ගාල්ල බස් නැවතුම්පොළ අසලදී අත්අඩංගුවට තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කන්තලේ පරාක්‍රම මාවත පදිංචි 35 හැවිරිදි කාන්තාවක්.
ගාල්ල බස් නැවතුම්පොළ අසල සැක කටයුතු ලෙස හැසිරෙමින් සිටියදී ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී අනෙක් පොලිස් ස්ථාන දැනුවත් කිරිම මගින් අනාවරණය වී ඇත්තේ, රුපියල් 29,000ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ඇයට විරුද්ධව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවතින බවයි.
අදාළ සැකකාර කාන්තාව නඩුවට ඉදිරිපත් නොවීම නිසා වසර 11කට පමණ පෙර ඇයට විවෘත වරෙන්තු නිකුත් කර ඇති බව අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සිදුකරන අතර ඇය ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.