ඕස්ට්‍රේලියාවේ සුපිරි තරු ලෙස ශ්‍රී ලංකික කාන්තාවන් තිදෙනෙක් නම් කෙරේ
ශ්‍රී ලාංකික සහ ඉන්දියානු කාන්තාවන් 06 දෙනෙක් 2023 – 24 වසර සඳහා ඕස්ට්‍රේලියාවේ විද්‍යා, ඉංජිනේරු විද්‍යා, තාක්ෂණ සහ ගණිත හැදෑරීම් ක්ෂේත්රයේ සුපිරි තරු ලෙස නම්කර තිබෙනවා.
ඒ අනුව 2023 – 24 වසර සඳහා මෙලෙස නම්කර ඇති සුපිරි තරු වන්නේ ශ්‍රී ලංකාවේ ආචාර්ය දෝන ජයකොඩි, නීලිමා කඩියාල, වෛද්‍ය අනුරිකා ද සිල්වා සහ ඉන්දියාවේ ආචාර්ය අනා බාබුරමනී, ආචාර්ය ඉන්ද්‍රානි මුඛර්ජි සහ ආචාර්ය සතානා (සැට්) දුෂ්‍යන්තන් යන 06 දෙනායි.
ඕස්ට්‍රේලියාවේ ඉහළම විද්‍යා සහ තාක්ෂණ ආයතනය වන විද්‍යා හා තාක්ෂණ ඇකඩමිය (Science & Technology Australia (STA)) විසින් මෙම නම් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
එම ආයතනය ලොව විශිෂ්ට විද්‍යාඥයින් සහ තාක්ෂණවේදීන් 105,000කට වඩා නියෝජනය කරනු ලබනවා.
මෙවර නම්කර ඇති සුපිරි තරු පිළිබඳව අදහස් පළකරන STA ආයතනය පවසා ඇත්තේ, මෙමගින් විද්‍යාඥයින් පිළිබඳ සමාජයේ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ඇති උපකල්පන බිඳ දමා ඇති බවයි.
සෑම වසරකම STA ආයතනය විද්‍යා, ඉංජිනේරු විද්‍යා, තාක්ෂණ සහ ගණිත යන ක්ෂේත්රයේ කටයුතු කරන ඕස්ට්‍රේලියානු විශේෂඥයින් අතුරින් කිහිප දෙනකු මෙලෙස සුපිරි තරු ලෙස නම් කරනු ලබනවා.