අමෙරිකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් මියයයි
අමෙරිකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ක්‍රිස්ටි අලෙයි මියගොස් තිබෙනවා.
මියයන විට ඇය 71 වන වියේ පසු වුණා.
පිළිකා රෝගයක් හේතුවෙන් ඇය මියගොස් ඇති බවට පවුලේ ඥාතීන් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ක්‍රිස්ටි අලෙයි, අමෙරිකාව ‘Cheers’ නම් ප්‍රහසන රූපවාහිනී කතා මාලාවෙන් අතිශය ජනප්‍රියත්වයට පත්වූ නිළියක් වනවා.
චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ ඇය චියර්ස් නම් ප්‍රහසන කතා මාලාවේ දැක්වූ රංගනය වෙනුවෙන් එමී සම්මානයටද පාත්‍ර වී තිබෙනවා.