තිළිණි ප්‍රියමාලිට බන්ධනාගාරයේ දී කරදර සිදුවන බවට චෝදනාවක්
මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලිගේ නීතිඥවරු අද (06) මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
ඒ ඇයව අසාමාන්‍ය පරීක්ෂා කිරීමකට ලක්කර ඇති බවට චෝදනා කරමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කර සිටියේ මෙම අසාමාන්‍ය පරීක්ෂා කිරීම් හමුවේ තිළිණි ප්‍රියමාලිගේ රහස් ප්‍රදේශවලට තුවාල ද සිදුව ඇති බවයි.
ඊයේ (05) රාත්‍රියේ සැකකාර තිළිණි ප්‍රියමාලිව රඳවා සිටින සිර කුටියට පැමිණි බන්ධානාගාර නිලධාරිනියන් විසින් ඇයගේ ඇඳුම් උණා දමන ලෙස අණ කර ඇති බවත්, සැකකාරිය විසින් යම් දෙයක් රහසේ සඟවා සිටින බව නිරීක්ෂණය සඳහා විදුලි පන්දම් ආලෝකය නිකුත් කර ඇති බවත්, අදාල අවස්ථාවේ දී ඇය අපහසුතාවයට පත් වූ බවත් තිළිණිගේ නීතිඥයන් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබෙනවා.