Latest News

වායු රයිෆලයකින් තැබූ වෙඩිල්ලකින් දෙකක් වයසැති දැරියකට බරපතල තුවාල

තම 11 හැවිරිදි සොහොයුරා වායු රයිෆලයකින් තැබූ උණ්ඩයක කැබැල්ලක් ගෙලෙහි වැදී දැරියක් බරපතල තුවාල ලබා තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ, පස්යාල – දෙමටදෙණිකන්ද ප්‍රදේශයේ පදිංචි අවුරුදු දෙකක් වයසැති දැරියක්.

වායු රයිෆල් උණ්ඩයේ කොටස දැරියගේ උගුර ප්‍රදේශය පසාරු කරගෙන ගොස්ඇති අතර, ඇය මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

11 හැවිරිදි ඇයගේ සොහොයුරා වායු රයිෆලයෙන් බිත්තියට වෙඩි තබා ඇති අතර, එම අවස්ථාවේ දී දැරිය අනතුරට ලක්ව තිබෙනවා.