පැසිපන්දු ක්‍රීඩිකාවක් සහ අවි ජාවාරම්කරුවෙකු ගුවන්තොටුපොළේදී හුවමාරු කෙරේ
අමෙරිකානු පැසිපන්දු ක්‍රීඩිකාවක් සමග රුසියානු අවි ජාවාරම්කරුවෙකු හුවමාරු කරගෙන තිබෙනවා.
මෙලෙස හුවමාරු කරගෙන ඇත්තේ අමෙරිකානු පැසිපන්දු ක්‍රීඩිකා Brittney සහ රුසියානු අවි ජාවාරම්කරුවෙකු වන Viktor Bout යන දෙදෙනායි.
කංසා තෙල් ළඟ තබාගැනීමේ චෝදනාවකට අමෙරිකානු පැසිපන්දු ක්‍රීඩිකා Brittney පසුගිය පෙබරවාරි මාසයේදී රුසියාවේ මොස්කව් හිදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වුණා.
Viktor Bout වසර 12ක් තිස්සේ අමෙරිකාවේ සිර දඬුවම් විඳි රුසියානු ජාතික අවි ජාවාරම්කරුවෙක් වනවා.
පැසිපන්දු ක්‍රීඩිකාව යළි අමෙරිකාව වෙත ගෙන්වා ගැනීමේ අරමුණ සහිතව එරට ජනාධිපති බයිඩන් රුසියාව සමග සාකච්ඡා පවත්වා තිබුණා.
මෙහිදී විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ,මෙම හුවමාරුව අබුඩාබි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී සිදුව ඇති බවයි.