ගැබිණි මවක් විසින් වැඩියෙන් ආහාර ගෙන සැත්කමක් සිදු කරයි
ගැබිණි මවක් විසින් වැඩි කැලරි ප්‍රමාණයක් සහිත ආහාර ලබා ගැනීම නිසා ඇයගේ උදරයේ සමෙහි යට පැත්තෙන් විශාල මේද ප්‍රමාණය තැන්පත්ව පැය තුනක සැත්කමකට භාජනය කල පුවතක් කෑගල්ල මහ රෝහලෙන් වාර්තා වනවා.
ඇගේ උදරයේ සමට ඇතුලතින් ඇති කිලෝ 5 ක පමණ ප්‍රමාණයක් ඒ අනුව ඉවත් කර තිබෙන බවට විශේඥ ශල්‍ය වෛද්‍යවරයා පවසනවා.
මේ පිළිබඳව අදහස් දැක්වු විශේඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා සඳහන් කලේ,
“මෙම කාන්තාව මගේ සායනයට පැමිණෙන විට ඇගේ උදරය ඉතාමත් නරක ලෙස ඉදිරියට නෙරාවිත් තිබු අතර ඇගේ උදරය පටක ඉතා දුර්වල මට්ටමක පැවතුණා.මෙයට බොහෝ දුරට හේතු වී ඇත්තේ ඇය දරුවා පිළිසිඳ ගැනීමත් සමග ඉතා අධික කැලරි ප්‍රමාණයක් ලබා ගැනීම නිසයි.
දරුවකු පිලිසිද ගත් විට අප සමාජය තුළ “දැන් දෙදෙනෙකුට ආහාර ගත් යුතුයි” යන මතය සමාජ ගත වී ඇත. මේ හේතුව නිසා බොහෝ මව්වරු දරුවකු පිළිසිද ගැනීමත් සමඟ ඉතා අධික කැලරි ප්‍රමාණයක් දෛනිකව ලබා ගැනීම්ට පෙළඹේ.
මෙසේ අධිකව ලබා ගන්නා කැලරි සිරුරේ දී තෙල් බවට හැරී විවිධ ස්ථානවල තැන්පත් වීමට පටන් ගනී. විශේෂයෙන්ම උදරය අභ්‍යන්තරයේත් උදර බිත්තියේත් අධිකව තෙල් තැන්පත් විම සිදුවේ. එවිට සිදුවෙන්නේ උදර බිත්තියත් පිටතින් ඇති චර්මයටත් අසාමාන්‍ය ලෙස ඉදිරියට නෙරාගෙන ඒමයි.
මෙසේ අසාමාන්‍ය ලෙස උදර බිත්තිය සහ චර්මය ඉදිරියට නෙරා ආපසු දරු ප්‍රසූතියෙන් පසුව වුවද එය යථා තත්වයට පත් නොවනු ඇත.කෙසේවෙතත් මෙම සැත්කමින් පසු එම මව සාමාන්‍ය තත්වයට පත්වෙමින් සිටී.”