Latest News

රොටරි ජාත්‍යන්තර සංවිධානයේ සභාපතිනිය ශ්‍රී ලංකාවට

රොටරි ජාත්‍යන්තර සංවිධානයේ සභාපති, ජෙනිෆර් ජෝන්ස් දිවයිනට පැමිණ තිබෙනවා.

සිව්දින සංචාරයක් සඳහා ඇය මෙරටට පැමිණ ඇති බව වාර්තා වනවා.

ලෝකයේ රටවල් 210ක සාමාජිකත්වය හිමි ජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපතිවරියගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් සමරු මුද්දරයක් ද නිකුත් කිරීමට නියමිතයි.

එමෙන්ම ඇයගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද හමුවීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරයට සමඟාමීව ඩොලර් දශ ලක්ෂයක් වටිනා ඖෂධ තොගයක් මෙරටට පිරිනැමීම සහ ලාංකික සිසුන් 500ක් සඳහා පිලිපීනයේ විශ්වවිද්‍යාලයක තොරතුරු තාක්ෂණවේදය හැදෑරීම සදහා ශිෂ්‍යත්ව ප්‍රධානයක් ද සිදු කිරීමට නියමිතයි.