ඩයනා ගමගේට එරෙහි පෙත්සම විභාග කිරීමට දින නියම වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේට එරෙහිව ගොනුකළ පෙත්සම ලබන ජනවාරි 26 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (12) දින නියම කර තිබෙනවා.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා.
එම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම ඉදිරිපත් කළ ඔෂල හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් සහ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසීම් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය හදිසි නඩු කටයුත්තක් සේ සලකා කඩිනමින් විභාග කිරීම සඳහා දිනයක් නියම කළ මෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම අදාළ විරෝධතා තිබේ නම් ජනවාරි මස 13 වනදාට පෙර ගොනුකරන ලෙස ඩයනා ගමගේ ඇතුළු වගඋත්තරකරුවන්ට නියම කළා.
පෙත්සම ඉදිරිපත් කර ඇති ඕෂල හේරත් එහිදී කියාසිටියේ රාජ්‍ය අමාත්‍යවරිය බ්‍රිතාන්‍යය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකමක් නොමැති බවයි.