අවන්හලක සිදුවූ වෙඩි තැබීමෙන් ඉතාලි අගමැතිනියගේ මිතුරිය මියයයි
රෝමයේ අවන්හලක සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 4 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මියගිය කාන්තාවන් තිදෙනා අතරින් එක් අයෙකු ඉතාලියේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත්වූ ජෝර්ජියා මෙලෝනිගේ මිතුරියක් වන බවයි වාර්තා වන්නේ.
වෙඩි තැබීම සිදුකළ 54 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.