Latest News

ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙහිව තවත් අපහස නඩුවක් ගොනු කරයි

ඉන්දීය බොලිවුඩ් නර්තන ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් වන නෝරා ෆතේහි විසින් ශ්‍රී ලංකික සම්භවයක් සහිත බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙහිව අපහාස නඩුවක් ගොනුකර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ, ඇය ඉන්දීය රුපියල් කෝටි 200ක වන්දියක් ඉල්ලා එම අපහාස නඩුව ගොනුකර ඇති බවයි.

තමන් සම්බන්ධයෙන් ද්වේශ සහගත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශ කර ඇති බවට නෝරා ෆතේහි විසින් ජැකලින් ෆර්ඩිනැන්ඩස්ට එරෙහිව චෝදනා එල්ල කර තිබෙනවා.

නෝරා සිය පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ,සුකේෂ් චන්ද්‍රසේකර්ට සම්බන්ධ ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාළ නඩුවේදී ජැකලින් විසින් එම අපහාස කිරීම සිදුකර ඇති බවයි.

සුකේෂ් චන්ද්‍රසේකර්ට අදාළ මුදල් විශුද්ධිකරණ නඩුව සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් මස 15 වනදා නෝරා ෆතේහිගෙන් ද පැය 04කට අධික කාලයක් දිල්ලි පොලීසිය විසින් ප්‍රශ්න කර තිබුණා.