ඖෂධ හිඟයට බෙහෙත් ඉල්ලා මුලතිව් කාන්තාවෝ විරෝධතාවයක
මුලතිව් රෝහලේ පවතින ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයට වහාම විසඳුම් ඉල්ලා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබෙනවා.
මෙම විරෝධතාවය මෙහෙයවා ඇත්තේ,උතුරු නැගෙනහිර කාන්තා සංවිධානය මගින්.
මුලතිව් දිස්ත්‍රික් ප්‍රධාන රෝහලේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ නොමැති වීමෙන් දෛනිකව බාහිර රෝගීන් විශාල පිරිසක් පීඩාවන්ට පත්වන බව පවසමින් ඔවුන් විරෝධතාවයේ නිරතව තිබෙනවා.
මෙහිදී විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ, මුලතිව් දිස්ත්‍රික් ප්‍රධාන රෝහලේ ඖෂධ නොමැති වීම හේතුවෙන් ඔවුන්ට කිලෝමීටර් 200 කට ආසන්න දුරක් ගෙවා කිලනොච්චියට හෝ වව්නියාව රෝහල්වලට යාමට සිදුවීමෙන් විශාල මුදලක් දැරීමටද සිදුවන බවයි.
වහාම මුලතිව් රෝහලේ පවතින ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයට විසඳුම් ලබාදීමට අදාල බලධාරීන් පියවර ගත යුතු බවට ඉල්ලා පෙත්සමක්ද මුලතිව් වැඩබලන දිසාපති කේ.කනකේෂ්වරන් මහතාට භාර දීමට විරෝධතාකරුවන් පියවර ගෙන තිබුණා.