Latest News

තිලිණි ප්‍රියමාලි තවදුරටත් රිමාන්ඩ් කෙරේ

මහා පරිමාණ මූල්‍ය වංචා සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින තිලිණි ප්‍රියමාලි තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකාරිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වනදා දක්වා එලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඇයගේ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් ව්‍යාපාරික කාන්තාවක වන ජානකී සිරිවර්ධන නමැත්තිය ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.