Latest News

9 නිවුන් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්…

ලොව පළමුවරට සිදුවූ 9 නිවුන් දරු උපතේ දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මාලි රාජ්‍යයේ හලිමා සිසේ නම් මවකට දාව එම දරුවන්, පසුගිය වසරේ මැයි මාසයේදී උපත ලැබූ අතර ඔවුන් උපත ලැබුවේ මොරොක්කෝවේ දීයි.

මාලි රාජ්‍යයේ වෛද්‍ය පහසුකම් අඩු බැවින් ඇය දරු ප්‍රසූතිය සඳහා මොරොක්කොවට ගොස් ඇති අතර එහිදී සිදුකළ සිසේරියන් සැත්කමකින් එම දරුවන් බිහිකර තිබුණා.

ගැහැණු දරුවන් 5ක් සහ පිරිමි දරුවන් 4 ක් වූ මෙම සියලු දරුවන් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බැවින් නැවතත් ඔවුන්ගේ උපන් රටට යැවීමට තීරණය කළ බව වෛද්‍යවරු සඳහන් කළා.