ඩයනාගේ විදෙස් ගමන් තහනම ඉවත් කෙරේ
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම දින 5ක කාලයක් සඳහා ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) ආගමන හා විගමන පාලකවරයාට නියෝග කර තිබෙනවා.
ඒ, ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම් පත හා විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී යි.
රාජ්‍ය අමාත්‍යවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා එම නියෝගය නිකුත් කරනු ලැබුවා.
ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයිකාවට දෙසැම්බර් මස 21 වනදා සිට 23 වනදා දක්වාත් ඉන් පසුව 28 වනදා සිට දින තුනක කාලයක් විදේශගත වීමට අවශ්‍යව තිබෙන හෙයින් දැනට නිකුත් කර තිබෙන විදෙස් ගමන් තහනම ලිහිල් කරන ලෙස ඉල්ලා සිටියා.
එම ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා විසින් අදාළ නියෝගය ලබා දී තිබෙනවා.