ඉරානය ගැන එක්සත් ජාතීන්ගේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කොමිසම ගත් තීරණය
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කොමිසමෙන් ඉරානය ඉවත් කර තිබෙනවා.
සාමාජිකයින් 54 දෙනෙකුගෙන් යුතු එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයට අමෙරිකාව ගෙන ආ යෝජනාව සම්මත වීමත් සමග මෙම පියවර ගෙන තිබෙනවා.
මෙහිදී විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ, ඉරානය නෙරපා දැමීමට සිදුකළ මෙම යෝජනාව සම්මත කරගැනීම සඳහා පැවැත්වූ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 29ක් ලැබී තිබෙන අතර රටවල් 16ක නියෝජිතයින් ඡන්දය දීමෙන් වැළකී සිටි බවයි.
හිජාබය නොපැළදීම හේතුවෙන් අත්අඩංගුවේ සිටියදී මියගිය මාසා අමීනී වෙනුවෙන් ඇරඹි විරෝධතා පාලනය කිරීමට ඉරානය ගත් ක්‍රියාකලාපය ලොව පුරා විවේචනයට ලක් වුණා.
ඒ අනුව මානව හිමිකම් උල්ලංඝනය වූ ඉරාන විරෝධතාකරුවන්ට සහයෝගය දැක්වීමේ අරමුණින් ඉරානය මෙම කොමිසමෙන් ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් ඇති ප්‍රමුඛ කාන්තා සංවිධානයක් ලෙස මෙම කොමිසම සැළකෙනවා.