Latest News

2022 ලෝක විවාහක රූ රැජින කිරුළ ඉන්දියාවට

2022 ලෝක විවාහක රූ රැජින කිරුළ වසර 21 කට පසු ඉන්දියාවට හිමිව තිබෙනවා.

ඒ මෙවර විවාහක රූ රැජින ලෙස ඉන්දියානු සුරූපිනී සර්ගාම් කෝෂාල් කිරුළු පැලඳීමත් සමගයි.

2022 වසරේ ලෝක විවාහක රූ රැජින තරඟාවලිය මෙවර අමෙරිකාවේ ලාස් වේගාස්හිදී පැවැත් වුණා.

මෙම තරඟාවලියේ දෙවැනි ස්ථානය පොලිනීෂියානු සුරූපිනියටත් තෙවැනි ස්ථානය කැනඩා සුරූපිනියටත් හිමිව තිබෙනවා.

ඌෂි පෙරේරා ලෝක විවාහක රූ රැජින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළා.

ඇය අවසන් තරඟකරුවන් 16 අතරට පැමිණීමට සමත් වූණා.