තොඩුවාව මුහුදේ දිය නෑමට ගිය 11 හැවිරිදි දරුවෙක් මරුට
තොඩුවාව මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 11ක කුඩා දරුවෙක්.
අදාළ දරුවා ඊයේ පස්වරුවේ තවත් මිතුරන් පිරිසක් සමග උපකාරක පන්තියක් වෙත ගොස් තිබෙනවා.
එහිදී උපකාරක පන්තිය ආරම්භ වීමට පෙර මෙම පාසල් සිසුවා මුහුදේ දිය නෑමට ගොස් ඇති බව අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේ දිය නාමින් සිටින අතරතුර දී අනපේක්ෂිතව පැමිණි සැඩ පහරකට ඔහුව ගසාගෙන ගොස් තිබෙනවා.
ඒ සමගම මිතුරන්ගේ කෑ ගැසීමේ ශබ්දයත් සමග අවට සිටි පිරිස් එම ස්ථානයට පැමිණ ඔහුව මහත් පරිශ්රමයක් දරා ගොඩට ගැනීමට කටයුතු කළ ද ඒ වන විටත් ඔහු මියගොස් ගොස් සිට ඇති බව පොලිසිය සඳහන් කළා.
මෘත ශරීරය මාරවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාරවිල පොලීසිය සිදුකරනවා.