කාන්තාවන්ට රැකියාවල නිරත වීම තහනම් කිරීමට නියෝගයක්
තලෙයිබාන් පාලනය විසින් ඇෆ්ගනිස්තානයේ රාජ්‍ය නොවන සංවිධානවල සේවය කරන කාන්තාවන්ට රැකියාවල නිරත වීම තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා.
රාජ්‍ය නොවන සංවිධාන කාර්ය මණ්ඩලය හිජාබය නොපැළදීමෙන් සහිරා නීතිය කඩකිරීම හේතුවෙන් එම පියවර ගත් බව ඉස්ලාමීය පාලකයින් පවසනවා.
ආර්ථික අමාත්‍යාංශයෙන් ජාතික සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වෙත ලිපියක් යොමු කරමින් අදාළ නියෝගය දැනුම් දී තිබෙනවා.
නියෝගය අනුගමනය නොකරන්නේ නම් සංවිධානවල බලපත්‍ර අවලංගු කරන බවද ලිපියෙහි සඳහන් වන බවයි වාර්තා වන්නේ.
මෙම නියෝගය එක්සත් ජාතීන්ගේ ද අප්‍රසාදයට ලක්ව තිබෙනවා.
තලෙයිබාන් රජය මෙම නියෝගය නිකුත් කලේ, එරට කාන්තාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය තහනම් කිරීමෙන් දින කිහිපයකට පසුවයි.
තලෙයිබාන් පාලනය විසින් රාජ්‍ය බලය තමන් යටතට ගැනීමෙන් පසු කාන්තා අයිතීන් සුරැකීමට තමන් කැපවන බව පැවසුවත් දුන් පොරොන්දු කඩකරමින් කාන්තා අයීතින් සහ නිදහස කඩ කිරීමට ඔවුන් මෙලෙස කටයුතු කරමින් සිටිනවා.