Latest News

පස් කන්දක් කඩා වැටී දරුවන් දෙදෙනෙක් මරුට

පැවති අධික වැසි තත්ත්වයත් සමග මහනුවර, දුනුවිල ගණපතිවත්ත ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ (25) පෙරවරුවේ පස් කන්දක් කඩා වැටී, විශාල ගලක් පෙරළීමෙන් දරුවන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ, 18 හැවිරිදි අයේෂා නිශානි විතාරණ සහ 16 හැවිරිදි සිතුම් සාරංග විතාරණ නම් එකම පවුලේ දරුවන් දෙදෙනෙක්.

අදාළ අනතුර සිදුවූ අවස්ථාවේ දී මව, පියා සහ දරුවන් තිදෙනෙකු එම නිවසේ සිට තිබෙනවා.

එහිදී තුවාල ලැබූ මව, පියා සහ 12 හැවිරිදි දැරියක් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණා.

යුද හමුදාව, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරමින් පස් සහ නිවසේ සුන්බුන් අතර සිරවී සිටි දරුවන් සොයාගනු ලැබූ අතර ඒ වන විටත්
ඔවුන් මිය ගොස් සිට ඇති බව වාර්තා වනවා.