මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි අද (27) උදෑසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබුණා.
ඒ ඇයට පසුගියදා ලබාදුන් ඇප කොන්දේසි සඳහා අත්සන් ලබාදීමටයි.
අදාළ කටයුත්ත අවසන් කිරීමෙන් අනතුරුව ඇයව නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.