Latest News

කෝවිලෙන් නූලක් මතුරා දුන් උදරාබාධයකින් පෙළුණු බිළිඳා මරුට

උදරාබාධයක් වැළදී කෑ ගසමින් සිටි මාස 08 ක් වයස ළදරුවෙකුට යාපනයේ කෝවිලකින් නූල් මතුරා දී ඇති අතර දින දෙකක් නිහඩව සිටි දරුවා රෝගය උත්සන්න වීමෙන් පසුව රෝහල් ගත කිරීමෙන් පසුව 25 වනදා මිය ගොස් තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ, යාපනයේ නාවන්තුරේ ප්‍රදේශයේ නිවසක සිටි බිළිඳෙක්.

දරුවාට උදරාබාධයක් හට ගැනීමෙන් පසුව ඔහු උණ රෝගයෙන්ද පෙලීම නිසා ගමේ පිහිටි හින්දු කෝවිලක් වෙත ගොස් මව හා පියා කෝවිලේ පූජකවරයාට සිද්ධිය සැලකොට නුලක් මතුරවා ගෙන පැමිණ එම නූල දරුවාගේ බැද ඇති අතර පසුව දරුවා නිහඩව සිට තිබෙනවා.

දින දෙකකට පසුවද දරුවාගේ හැඩීම නතර නොවන නිසා ඔහුව යාපනය ශීක්ෂණ රෝහල වෙත ගෙන ගිය අවස්ථාවේදී දරුවා පරීක්ෂා කළ වෛද්‍යවරු ළම‍යා රෝහලට ඇතුළත් කරන ලෙස දැණුම් දී තිබෙනවා.

කෙසේවෙතත් ඉන් සුළු මොහොතකට පසුව දරුවා මියගොස් ඇති බව වාර්තා වනවා.