චොකලට් ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ සිසුවියක් අත්අඩංගුවට
මුහුණුපොත ඔස්සේ චොකලට් වර්ග ලබාදෙන බවට දැන්වීම් පළකර රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් වංචා කළ පාසල් සිසුවියක් කිරුළපන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කිරම ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක්.
මෙහිදී සිදුකළ පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ, විවිධ වර්ගයේ චොකලට් විකිණීමට ඇති බව ඇය මුහුණු පොතේ දැන්වීමක් පළකර ඇති අතර එහිදී ඉල්ලුම්කරුවන්ගෙන් මුදල් ගෙන්වාගෙන මෙම වංචාව කර ඇති බවයි.
එමෙන්ම අදාළ සිසුවිය එම පාසලේම අධ්‍යාපනය ලැබූ ප්‍රධාන ශිෂ්‍ය නායකව සිටි 22 හැවිරිදි තරුණයකුගේ ගිණුම් අංකයකට මෙම ඇණවුම් මුදල් බැර කරගෙන ඇති බවට හෙළිව තිබෙනවා.
මොවුන් දෙදෙනා පොලිසියට කැඳවා විමර්ශන සිදු කිරීමේදී හෙළිවී ඇත්තේ, සිසුවියගේ පෙම්වතා බව කියන 22 හැවිරිදි තරුණයාගේ මුදල් අවශ්‍යතාවක් මත ඔහුට මුදල් දීමට මෙම වංචාව ක්‍රියාව සිදුකර ඇති බවයි.
ඒ අනුව අදාළ සිසුවිය හා තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.