Latest News

ජාපනයේ දී මිය ගිය විශ්වා සඳමාලිගේ මරණය ගැන යළිත් විමර්ශන

ජපන් ආගමන විගමන බලධාරීන් භාරයේ සිටිය දී මියගිය ශ්‍රී ලාංකික කාන්තාවක්වූ විශ්වා සඳමාලිගේ මරණය ගැන යළි සෙවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නගෝසා ආගමන ප්‍රධානියා ඇතුළු නිලධාරීන් 13 කට එරෙහිව යළි පරීක්‍ෂණ ආරම්භ කිරීමට රජයේ නඩු අධ්‍යක්‍ෂ කාර්යාලය ඊයේ (28) තීන්දු කළා.

නගෝසා, නීති නිලධාරීහු එම නිලධාරීන්ට එරෙහි නඩු ඉල්ලා අස්කර ගැනීමට ගත් තීරණය රජයේ නඩු අධ්‍යක්‍ෂවරු ප්‍රතික්‍ෂේප කර තිබෙනවා.

2021 වසරේ මාර්තු මස විශ්වා සඳමාලි, නගෝසා ආගමන කාර්යාලයේ රඳවා සිටිය දී හදිසියේම මිය ගොස්ව තිබුණා.

එහිදී සිදුකර විමර්ශන මගින් අනාවරණය වී තිබුනේ, ඇයට නිසි ප්‍රතිකාර ලබාදීමට ක්‍රියාකර නොමැති බවයි.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් එරට “කෙන්චිරෝ පූජි” නැමැති නගෝසා ප්‍රවෘත්ති සේවයේ මාධ්‍යවේදියා පැවසුවේ, ආගමන විගමන නිලධාරීන් මුදාහැරීම වැරැද්දක් බවයි.