වකුගඩු රෝගය නිසා දෙදරු මවක් ගෙළ වැළලා ගනියි
වසර පහකට අධික කාලයක් වකුගඩු රෝගයෙන් පීඩාවට පත්ව සිටි දෙදරු මවක් තම ජීවිතය ගැන කළකිරීමෙන් සිය නිවස තුළ ගෙළ වැළලාගෙන මියගොස් ඇති බව මීගොඩ පොලිසිය පවසනවා.
අදාළ කාන්තාව මිය යාමට පෙර පවුලේ ඥාතීන් වෙත ලිපියක් ලියා තබා මෙලෙස ගෙළ වැළලාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ, පනාගොඩ කොම්පෙයාහේන පාරේ තරංග පෙදෙසේ පදිංචිව සිටි අනෝජා ප්‍රියදර්ශනී හොප්මන් නමැති 31 හැවිරිදි දෙදරු මවක්.
අදාළ කාන්තාව ඇය මියයන්නට පෙර පවුලේ සාමාජිකයන් වෙත ලියා තැබූ ලිපිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
එහිදී ඇය සඳහන් කර ඇත්තේ, “රත්තරන් අම්මේ තාත්තේ මං ඔයාලට වද දෙන්න කැමති නැහැ. මම තව තවත් ජීවත්වෙන එක ළමයි දෙන්නටත් මගේ රත්තරන් ඔයාටත් වදයක්. කරදර නැති ලෝකෙක කෙදිනක හෝ අපි එකට ජීවත්වෙමු. මාව හොඳින් බලාගත්තාට ඔයාට පිං” යනුවෙන්.
මරණ පරීක්ෂණය හමුවේ පොලිසිය විසින් එම ලිපිය හෝමාගම කොට්ඨාස හදිසි මරණ පරීක්ෂක මානෙල් ගමගේ මහත්මිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
හෝමාගම මූලික රෝහලේ ඊයේ (28) පැවති පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍යවරයා විසින් සිදුකරනු ලැබුවා.
ඉදිරිපත්වූ වෛද්‍ය වාර්තා හා සාක්ෂි මත මෙම මරණය ගෙල වැළලා ගැනීමෙන් සිදුවුණු මරණයක් බවට හදිසි මරණ පරීක්ෂකවරිය නිගමනය කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.