Latest News

අම්බලන්ගොඩ තරුණයෙක් විසින් දියේ ගිලී අනතුරට ලක් වූ විදෙස් කාන්තාවක් බේරා ගැනේ

අම්බලන්ගොඩ මුහුදු තීරයේ දිය නෑමට ගොස් දියේ ගිලී අනතුරට පත්වූ යුක්රේන ජාතික ගැබිණි කාන්තාවක් මුදා ගැනීමට මෙරට තරුණයෙකු සමත්ව තිබෙනවා.

අදාළ තරුණයා විසින් මෙලෙස දිවි බේරාගෙන ඇත්තේ, අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක රැඳී සිටි යුක්රේන ජාතික කාන්තාවක්.

එම ප්‍රදේශයේ සංචාරක නිකේතනයක සේවය කරන සංජය කුමාර අන්ද්‍රහේවගේ නම් තරුණයෙකු විසින් මෙලෙස අදාළ කාන්තාවගේ ජීවිතය බේරාගෙන තිබෙනවා.

අවන්හලේ සේවය කරමින් සිටින අතරතුර කිසිවෙකු දියේ ගිලෙමින් සිටින බවට ඔහුට නිරීක්ෂණය වී ඇති අතර, වහාම ක්‍රියාත්මක වී ඇයගේ දිවි ගලවා ගැනීමට එම තරුණයා කටයුතු කර තිබුණා.

අදාළ කාන්තාව සඳහන් කර ඇත්තේ, ඇය ගැබිණි කාන්තාවක් බවත් ඔහු තමා බේරා නොගත්තානම් මරණය අනිවාර්ය බවත් ය.