Latest News

අවුන් සාන් සුකීට තවත් වසර 7ක සිර දඬුවමක්

මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකීට තවත් වසර 7ක සිර දඬුවමක් නියම කිරීමට එරට හමුදා අධිකරණයක් නියෝග කර තිබෙනවා.

එයත් සමග ඇයගේ සම්පූර්ණ සිර දඬුවම් කාලය වසර 33ක් වනවා.

2021 පෙබරවාරි මාසයේදී මියන්මාර හමුදා නායකයින් අවුන් සාන් සුකීව සිය බලයෙන් ඉවත්කර එරට පාලන බලය සියතට ගනු ලැබුවා.

ඉන් අනතුරුව චෝදනා 19 සම්බන්ධයෙන් ඇයට එරෙහිව මාස 18ක් පුරා නඩු විභාග පැවැත් වුණා.

ඒ අනුව අද (30) ඇයට එරෙහිව නගා තිබු අවසාන චෝදනා 5 සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේ තීන්දුව අනුව ඇය දූෂණ චෝදනා සඳහා වැරදිකරු බව තීන්දුකර තිබෙනවා.

රජයේ අමාත්‍යවරයෙක්ට නිසි ක්‍රමවේද අනුගමනය නොකර හෙලිකොප්ටර් යානයක් ලබාදී ඇති බව එම නඩු තීන්දුවේ සඳහන් වනවා.