Latest News

නරේන්ද්‍ර මෝදිගේ මව අභාවප්‍රාප්ත වෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මව වන හීරාබෙන් මෝදි මහත්මිය මියගොස් තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ, බටහිර ගුජරාට් ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි ඇය මෙලෙස මියගොස් ඇති බවයි.

මහිමාන්විත ශතකයක් දෙවියන්ගේ පාමුල රැදුණු බව සිය මවගේ අභාවය වෙනුවෙන් ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මවගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීමෙන් පසු ලෝක නායකයින් රැසක් ඇයට සුවය පතා පණිවුඩ රැසක් පසුගියදා නිකුත් කර තිබුණා.