හිරුණිකා ප්‍රේමචන්ද්‍රට හා ආදර්ශා කරදනට එරෙහිව ආශු මාරසිංහගෙන් එන්තරවාසියක්
සමගි වනිතා බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ආදර්ශා කරදනට රුපියල් බිලියන 1.5ක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා ආශු මාරසිංහ මහතා විසින් එන්තරවාසියක් යොමුකර තිබෙනවා.
ඒ, තමා විසින් සුනඛයෙකු අපයෝජනයට ලක්කළ බවට මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා එල්ල කර අපහාස කිරීම සම්බන්ධයෙන්.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ආදර්ශා කරදන පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එල්ල කළ සියලු චෝදනා අසත්‍ය බව මහාචාර්ය ආශු මාරසිංහ සිය එන්තරවාසියෙන් පෙන්වාදී තිබෙනවා.
ආදර්ශා කරදන හා ආශු මාරසිංහ වෛවාහක ජීවිතයක් ගතකළ බවත් මහාචාර්ය ආශු මාරසිංහ සුනඛයෙකු අපයෝජනයට ලක්කළ බවත් පසුගිය 23 වනදා මාධ්‍ය හමුවක් පවත්වමින් සමගි වනිතා බලවේගයේ හිරැණිකා ප්‍රේමචන්ද්‍ර කියා සිටියා.
සිය එන්තරවාසියෙන් ඔහු පෙන්වා දී ඇත්තේ, තමන් සම්බන්ධයෙන් සකස් කර සංස්කරණය කරන ලද වීඩියෝවක් පළකිරීම හා එම වීඩියෝව පිළිබඳ වැරදි අර්ථ නීරූපනයක් ලබාදීමෙන් තමාට අපහාසයක් සිදුවූ බවයි.
මාධ්‍ය සාකච්ඡාව මගින් මහජනතාව නොමඟ යැවීමට හා එමගින් අයුතු ආකාරයෙන් මහජන මතයක් මහාචාර්ය ආශු මාරසිංහ මහතාට එරෙහිව ගොඩනගමින් ඒ තමන්ගේ කීර්ති නාමයට හානි කළ බවත් වැඩිදුරටත් එන්තර්වසියෙන් පෙන්වා දෙනවා.