Latest News

වයස අවුරුදු තුන හමාරක දැරියක් වගා ළිඳකට වැටී මරුට

වයස අවුරුදු තුන හමාරක දැරියක් ඊයේ (01) පස්වරුවේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ දැරිය‌ගේ නිවස ආසන්නයේ දී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ,වැලිමඩ, සිල්මියාපුර ප්‍රදේශයේ පදිංචි එන්. එස්. හමිදා නැමති දැරියක්.

එම දැරිය නිවසේ සෙල්ලම් කරමින් සිට ඇති අතර ඇය නිවස ආශ්‍රිතව නොසිටි හේතුවෙන් දැරිය පිළිබඳ සොයා බැලීමේදී ඒ ආසන්නයේ වූ වගා ළිඳට වැටී සිටිනු දැක තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව දැරිය ගොඩ ගනු ලැබුවද දැරිය ඒ වන විටත් මියගොස් ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කැප්පෙටිපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.