2023 වසර දී ලෝක ආර්ථිකයේ පසුබෑමක් ගැන අනතුරු ඇඟවීමක් – ක්‍රිස්ටලීනා ජියොජියේවා
මෙම වසරේ ලෝක ආර්ථිකයේ පසුබෑමක් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජියොජියේවා අනතුරු අඟවා තිබෙනවා.
අමෙරිකාව, යුරෝපා සංගමය සහ චීනයේ මන්දගාමී වර්ධනයක් පැවතීම ඊට හේතුව බවයි මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ.
යුක්රේන යුද්ධය සහ ඉහළ පොලී අනුපාත හේතුවෙන් පසුගිය ඔක්තෝම්බරයේ ගෝලීය ආර්ථික වර්ධන අනුපාතය සියයට 2.7 ක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශයට පත් කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශ්ලේෂණයට අනුව චීනය, මෙම වසරේ වැඩිම ආර්ථික බලපෑමකට ලක්වී ඇති රට බවට පත්ව තිබෙනවා.
එමෙන්ම යුක්රේන යුද්ධයෙන් යුරෝපා සංගමයේ ආර්ථිකයට එල්ලවූ දැඩි බලපෑමත් සමග දැඩි ආර්ථික අවපාතයක ලක්ෂණ පෙන්නුම් කරන බවත් ඇය කියා සිටියා.