Latest News

ජනප්‍රිය නිළියකට එරෙහිව පැමිණිල්ලක් ගොනු කෙරේ

ජනප්‍රිය ඉන්දීය නිළියක් සහ නිරූපන ශිල්පිනියක වන උර්ෆි ජාවෙඩ්ට එරෙහිව භාරතීය ජනතා පක්ෂයේ කාන්තා අංශයේ ප්‍රධාන ක්‍රියාකාරිනියක වන චිත්‍රා කිෂෝර්වාග් විසින් පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

ඒ, උර්ෆි ජාවෙඩ් තම සිරුරේ අනවශ්‍ය ප්‍රදේශ ප්‍රදර්ශනය කරමින් මුම්බායි හී වීදිවල සැරිසරන බව සඳහන් කරමින්.

ඊට එරෙහිව වහා පියවර ගන්නා ලෙස දන්වා චිත්‍රා කිෂෝර්වාග් විසින් මෙම පැමිණිල්ල ගොනුකර ඇති බවයි වාර්තා වන්නේ.

චිත්‍රා කිෂෝර් වාග් විසින් ඊයේ (01) මෙම පැමිණිල්ල ගොනුකර ඇති අතර, එම පැමිණිල්ල ගොනුකරමින් ඇය පවසා ඇත්තේ උර්ෆි ජාවෙඩ් සිය සිරුර මෙලෙස ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ මාතෘකාවක් වී ඇති බවයි.

කීර්තිය ලබා ගැනීම වෙනුවෙන් මෙම නිළිය විසින් ඇගේ ශරීරය ප්‍රදර්ශනය කිරීම කෝපයට කරුණක් බවයි චිත්‍රා කිෂෝර් වාග් වැඩිදුරටත් පවසා ඇත්තේ .

උර්ෆිට එරෙහිව පැමිණිල්ලක් ගොනුකළ පළමු අවස්ථාව මෙය නොවන අතර,මීට පෙර අවස්ථාවක අලි කාෂිෆ් ඛාන් දේශ්මුක් නැමැති නීතිඥවරයා විසින් ද ඇයට එරෙහිව අන්ධේරි පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනුගොනුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් තමන්ට එරෙහිව සිදුකර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් උර්ෆි ජාවෙඩ් තවමත් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.