Latest News

දරු ප්‍රසූතියට අවශ්‍ය භාණ්ඩ ගන්න අසල්වැසි කාන්තාවගේ රන් මාලය උකස් කළ කාන්තාවට ඇප

මංගල උත්සවයකට සහභාගී වීම සඳහා අසල්වැසි කාන්තාවකගෙන් ලබා ගත් රන් මාලයක් උකස් කර මුදල් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගැබිණි කාන්තාවකට අධිකරණය විසින් ඇප ලබාදී තිබෙනවා.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඇය එම මුදලින් සිය දරු ප්‍රසූතිය සඳහා අවශ්‍ය භාණ්ඩ මිලදීගෙන ඇති බවයි.

පසුව අදාළ කාන්තාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය තුළදී ඇය දරු ප්‍රසූතියට ආසන්න වීම හේතුවෙන් කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

එහිදී අදාළ සැකකාර කාන්තාව විසින් දරුවෙකු බිහිකර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

ඒ වනවිටත් අත්අඩංගුවේ පසුවූ ඇය විමර්ශනය සඳහා කොළඹ වැඩ බලන මහේස්ත්‍රාත් සම්පත් ජයවර්ධන මහතා රෝහල වෙත ගොස් ඇති බව වාර්තා වනවා.

එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, එම කාන්තාව රුපියල් 10,000ක ශරීර ඇපයක් මත මුදාහැරීමටයි.