එක් වරක් පමණක් භාවිත කර ඉවත දමන ප්ලාස්ටික් තහනම් කෙරේ
එක් වරක් පමණක් භාවිත කර ඉවත දමනු ලබන ප්ලාසිටික් හැදි , ගෑරුප්පු, පිඟන් ආදියෙහි භාවිතය තහනම් කිරීමට එංගලන්තය තීරණය කර තිබෙනවා.
රටේ අනාගත පරපුරට ස්වාභාවික පරිසරය රැක දීමේ අරමුණින් එංගලන්ත රජය මෙම තීරණය ගෙන ඇති බවයි එරට පාරිසරික ලේකම් තෙරේස් කොෆී උපුටා දක්වමින්, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ස්කොට්ලන්තයේ සහ වේල්සයේ මේ වනවිටත් ක්‍රියාත්මක මෙම තහනම එංගලන්තය තුළ ක්‍රියාත්මක වන්නේ, කවදා සිට ද යන්න මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.
සංඛ්‍යා ලේඛනවලට අනුව එක් වරක් පමණක් භාවිත කරන පිඟන් බිලියන 1.1 ක් සහ බිලියන 4කට වැඩි හැඳි ගෑරුප්පු සංඛ්‍යාවක් එංගලන්තය තුළ වාර්ෂිකව පරිසරයට මුදා හැරෙන බවත් පහසුවෙන් දීරාපත් නොවන මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය වසර ගණනාවක් තිස්සේ, කසල ගොඩවල ගොඩ ගැසී පවතින බවත් වාර්තා වනවා.
පාරිසරික ලේකම්වරිය වැඩිදුරටත් පවසන්නේ, මෙම තහනම ක්‍රියාත්මක වීමත් සමග ප්ලාස්ටික පිගන් වැනි උපකරණ ඉවත දැමීමෙන් සිදු වන පරිසර දූෂණය වළක්වා ගත හැකි බවත් එය අනාගත පරපුර සඳහා ස්වාභාවික පරිසරය ආරක්ෂා කර දීමට උපකාරි වනු ඇති බවයි.
කෙසේවෙතත් 2020 වසරේ සිට ප්ලාස්ටික් ස්ට්‍රෝස්, කොට්න් බඩ්ස් වැනි එංගන්තය තුළ භාවිතය තහනම් වනවා.