Latest News

ආදර්ශා කරදන අත්අඩංගුවට

පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ආදර්ශා කරදනව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ, ආශූ මාරසිංහ මහතා සිදුකරන ලද පැමිණිල්ලකට අනුවයි.

මේ අතර ආශු මාරසිංහ මහතා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළේ යැයි තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා ආදර්ශා කරදන ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කර තිබුණා.

එම අවස්ථාවේදී ඉල්ලුම්කාරියට අපේක්ෂිත ඇප නියම කිරීම සුදුසු නොවන බවයි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සඳහන් කලේ.

අදාළ කාන්තාව වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ ආශූ මාරසිංහ නැමැත්තෙකු සුනඛයකු සමග අස්වාභාවික ආකාරයෙන් හැසිරෙන වීඩියෝවක් සමාජ ජාලවලට මුදා හැරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම සේවාදායිකාව අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.

කෙසේවෙතත් ආශු මාරසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කලේ, සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සිදුවන බැවින් මෙම අවස්ථාවේ ඇය ඇප මත මුදාහරිනු ලැබුවොත් එය විමර්ශන කටයුතුවලට බාධාවක් බවයි.