Latest News

ආදර්ශා කරදනට ඇප

පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (11) අත්අඩංගුවට ගත් ආදර්ශා කරදන මහත්මිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින්.

ලිංගික දර්ශන සහිත අසභ්‍ය වීඩියෝ පට වෙබ් අඩවිවලට මුදාහරින බවට තර්ජනය කර ආශූ මාරසිංහ මහතාගේ රුපියල් මිලියන 100ක් ඉල්ලා සිටියේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආදර්ශා කරදන මහත්මියව අත්අඩංගුවට ගනු ලැබුවා.