Selyn නිර්මාතෘ සැන්ඩ්‍රා වඳුරාගල මහත්මියගේ නම Forbes ආසියා ලැයිස්තුවට
ශ්‍රී ලාංකේය හෑන්ඩ්ලූම් සන්නාමයක් වන Selyn හි නිර්මාතෘ සහ සභාපතිනි, සැන්ඩ්‍රා වඳුරාගල මහත්මිය, ජාත්‍යන්තර Forbes සඟරාව විසින් ඇගයීමට ලක්කර තිබෙනවා.
Forbes විසින් ඔවුන්ගේ Forbes Asia 50 over 50 list හෙවත් Forbes ආසියා වයස 50ට වැඩි කාන්තාවන් 50 දෙනා අතරට සැන්ඩ්‍රා වඳුරාගල මහත්මියගේ නමද එක් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී ආසියා ශාන්තිකර කලාපයේ සිය කර්මාන්ත අංශවල ඉහළම තලයන්ට පැමිණි වයස අවුරුදු 50 ට වැඩි කාන්තාවන් 50 දෙනෙකු නම් කරනවා.
එමගින් එම කලාපයේ මීළඟ පරම්පරාවට දිරිදීමක් මෙන්ම ආදර්ශයක් ද සපයනු ලබනවා.
මෙම ලැයිස්තුවෙහි පිළිගැනීමට පාත්‍ර වූ එකම එකම ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායිකාව සැන්ඩ්‍රා වඳුරාගල මහත්මිය යි.
ඇය ශ්‍රී ලාංකේය අත්යන්ත්‍ර සහ අත්කම් කර්මාන්තයේ කරන ලද සේවය වෙනුවෙන් ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් අතළොස්සෙන් කෙනෙකු වනවා.
සැන්ඩ්‍රා වඳුරාගල මහත්මිය විසින් 1991 දී සිය නිවසේ ගරාජයක් තුළ 15 දෙනෙකු සමගින් ආරම්භ කරන ලද Selyn අද වන විට රෙදි විවීමේ ශිල්පීන් ඇතුළු දහසකට අධික ප්‍රමාණයකින් සවිබලගැන්වූ ජාත්‍යන්තර තලයේ ව්‍යාපාරයක් වනවා.
Selyn යනු ශ්‍රී ලංකාවේ Fair trade සහතිකය ලත් එකම අත්යන්ත්‍ර රෙදිපිළි සමාගමයි.
වෘත්තියෙන් නීතිඥවරියක වන සැන්ඩ්‍රා වඳුරාගල මහත්මිය කුරුණෑගල Royal International School හි සම-නිර්මාතෘවරිය ද වනවා.