Latest News

හිටපු මන්ත්‍රීවරියක් වෙඩි තබා ඝාතනය කෙරේ

ඇෆ්ගනිස්තානයේ හිටපු මන්ත්‍රීවරියක් සහ ඇයගේ අරක්ෂකයාව නාඳුනන තුවක්කුකරුවෙක් විසින් වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.

අදාළ ඝාතකයා මන්ත්‍රීවරියගේ කාබුල් නුවර පිහිටි නිවසටම පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 32 හැවිරිදි මුර්සාල් නබිසාඩා නම් කාන්තාවක්.

2021 අගෝස්තු මාසයේදී තලෙයිබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමෙන් අනතුරුව බොහෝ මන්ත්‍රීවරියන් එරට අතහැර විදෙස් ගතවුවද මුර්සාල් නබිසාඩා එරටෙහිම නතර වී තිබුණා.