Latest News

බස් රථයක් තුල ඇතිවූ ගැටුමකින් කාන්තාවක් මරුට

වැලිගම කප්පරතොටදි මගී බසයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ ගමන් කරමින් සිටි මවකගේ හා පුතෙකුගේ ගැටීමෙන් සිදු වූ අනතුරෙන් මව මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි කිරලවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.

අදාළ අනතුර සිදුව ඇත්තේ,මාතර සිට කොළඹ බලා ධාවනයවු පුද්ගලික බස් රථයකට ඊයේ (16) රාත්‍රි නමයට පමණ ගොඩ වූ බීමත් පුද්ගලයින් සිව්දෙනකු රියදුරු සමග ආරවුලක් ඇතිකරගෙන රියදුරුට පහරදිමට උත්සාහ කළ අවස්ථාවේ බස් රථය මාර්ගයෙන් ඉවතට පැනීමෙන් බවයි වාර්තා වන්නේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා මාතර රෝහලට ඇතුළත් කිරීමේදී අදාළ කාන්තාව මියගොස් තිබෙනවා.

එමෙන්ම බස් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.