Latest News

තප්පර කිහිපයකින් බොඳ වූ ප්‍රධාන ගුවන් නියමුවරියක වීමේ සිහිනය

වසර 30කට පසු නේපාලයේ සිදු වූ දරුණුතම ගුවන් අනතුරින් සහාය නියමුවරිය වන 44 හැවිරිදි අංජු කාතිවඩා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇයට ප්‍රධාන ගුවන් නියමුවරියක වීමේ සිහිනය තත්පර දහයකින් අහිමි වූ බව නේපාල මාධ්‍ය වාර්තා කරනවා.

ඇයට ප්‍රධාන ගුවන් නියමුවරියක ලෙස බලපත්‍රය ලබා ගැනීමට පැය 100ක ගුවන් ගමන් කාලයක් අවශ්‍ය වී තිබූ අතර, ඊට පෙර ඇය නේපාලයේ සියලුම ගුවන් තොටුපොළවලට සාර්ථක ගොඩබැස්වීම් සිදු කර තිබුණා.

ඇගේ සැමියා දීපාක් පොක්රල් ද යෙටී ගුවන් සේවයේ සහාය ගුවන් නියමුවරයකු වන අතර, මීට වසර 16කට පෙර ඔහු ද මෙවැනි ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම අනතුරින් පසුව ඇය ගුවන් නියමුවරියක වීම සඳහා පාඨමාලාව හදාරනු ලැබුවේ සැමියාගේ අකල් මරණයෙන් ලැබූ රක්ෂණ මුදලින් බව සඳහන්.

ඇය සිය ගුවන් නියමු පාඨමාලාව හදාරා ඇත්තේ, අමෙරිකාවේදී යි.

නේපාලයේ බිරත්නගර් නුවර පදිංචිව සිටි අංජු කාතිවඩාට පළමු විවාහයෙන් 22 හැවිරිදි දියණියක සහ දෙවැනි විවාහයෙන් 7 හැවිරිදි පුතකු සිටිනවා.