Latest News

පවිත්‍රා වන්නිආරච්චි කැබිනට් අමාත්‍ය ධුරයක දිවුරුම් දෙයි

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ජීවන් තොණ්ඩමන් මහතා කැබිනට් අමාත්‍යධුරවල දිවුරුම් දී තිබෙනවා.

ඒ, අද (19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී යි.

මෙහිදී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙසත් ජීවන් තොණ්ඩමන් මහතා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.