ඕමාන් සුරක්ෂා නිවසේ සිටි කාන්තාවක් 14දෙනෙක් දිවයිනට – ගැබිණි කාන්තාවකුත් ඒ අතර වෙයි
ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස්සිටි මෙරට ගෘහ සේවිකාවන් 14 දෙනෙකු කටුනායක ගුවන් තොටුපලින් අද (20) යළි දිවයිනට පැමිණ තිබෙනවා.
මෙලෙස දිවයිනට පැමිණි පිරිස අතර ගර්භණී තත්ත්වයේ පසු වන කාන්තාවක්ද සිටි බව සඳහන්.
අදාළ කාන්තාවන්ගෙන් 8 දෙනෙකුම තමන් සේවය කළ නිවෙස්වල දී සුළු වැරදිවලට චෝදනා ලබා එරට කම්කරු උසාවියෙන් වැරදිකරුවන් වී පිටුවහල් කළ
කාන්තාවන් බවයි වාර්තා වන්නේ.
මෙම පිරිස මෙරටට එවීමට පෙර ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධිත සුරක්ෂා රැඳවුම් නිවාසයේ රඳවා තබා තිබෙනවා.