බාලවයස්කාර දැරියක් නිවසේ නාන කාමරයේදී දරුවෙකු ප්‍රසූත කරයි
බාලවයස්කාර දැරියක් සිය නිවසේ නාන කාමරයේ දී දරුවකු ප්‍රසූත කළ පුවතක් තිස්සමහාරාම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස දරුවෙකු බිහිකර ඇත්තේ, තිස්සමහාරාම පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක්.
නාන කාමරයෙන් බිළිඳකු හඬන හඬක් ඇසී දැරියගේ මව නාන කාමරය විවෘත කර තිබෙනවා.
එහිදී සිය දියණිය දරුවකු ප්‍රසූත කර ඇති බව දුටු මව දියණිය සහ බිළිඳා රෝහල්ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු තිස්සමහාරාම පොලිසිය සිදුකරනවා.