Latest News

විවිධ හිරිහැරවලට ලක්වූ ගෘහ සේවිකාවන් 40 දෙනෙකු දිවයිනට පැමිණෙයි

විවිධ හිරිහැරවලට සහ රෝගාබාධයන්ට ලක්ව පැමිණීමට නොහැකිව කුවේටයේ රැදී සිටි 47 දෙනෙකුගෙන් යුත් මෙරට ගෘහ සේවක සේවිකාවන් පිරිසක් අද (25) උදෑසන කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට පැමිණ තිබෙනවා.

මෙලෙස පැමිණි පිරිස අතර 40 දෙනෙකු, ගෘහ සේවිකාවන් වන බවයි වාර්තා වන්නේ.

මොවුන් මස්කට් නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.230 දරණ යානයෙන් මෙරටට පැමිණ තිබෙනවා.

අද පැමිණි ගෘහ සේවක සේවිකාවන් අතරින් වැඩි පිරිසක් සිය හාම්පුතුන් අතින් විවිධ හිරිහැර වලට ලක්වීමෙන් පසු කුවේටයේ තානාපති කාර්යාලයට පැමිණි අය බව සඳහන්.