චෙනුලි සදිස්මා පුංචි දියණියට උපකාර අවශ්‍යයි…
ශ්‍රවණාබාධිත තත්ත්වයක් හේතුවෙන් පාසලේ අධ්‍යාපන කටයුතු නිසි පරිදි සිදුකර ගැනීමට නොහැකි දැරියක් පිළිබඳ පුවතක් පොළොන්නරුවෙන් වාර්තා වනවා.
කවුඩුල්ල මහා විද්‍යාලයේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන චෙනුලි සදිස්මා දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලක දෙවැනියාය.
ඉපදී මාස 3ක් පමණවන විට ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය රෝහල්ගත කෙරුණු අතර වයස අවුරුදු 1 හමාරක් පමණවන විට සම්පූර්ණ ශ්‍රවණාබාධිත තත්ත්වයට පත්ව තිබෙනවා.
අනතුරුව පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී චෙනුලිට සැත්කමක් සිදුකර ශ්‍රවණ උපකරණයක් සවිකර ඇති අතර, ඉන් කොටසක් ඇයගේ ශරීරය තුළත් අනෙක් කොටස කනට බාහිරිනුත් සවිකර තිබෙනවා.
එම උපකරණයට මේ වන විට වසර 8ක පමණ කාලයක් ගෙවී ඇති නිසා එහි බැටරියේ ආරෝපණය පවතින්නේ පැය භාගයකටත් වඩා අඩු කාලයක්.
මේ හේතුවෙන් ලබන වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත චෙනුලිට පාසලේදී අධ්‍යාපන කටයුතු පවා සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා.
ඇයගේ මව්පියන් පවසන්නේ, එම ශ්‍රවණ උපකරණයේ කොටස් මේ වන විට මෙරටදී මිලදී ගැනීමට නොමැති බවයි.
චෙනුලිගේ මව,
“එක පාරට ෆිට් එක හැදුනා. ICU එකට දැම්මා. බෙහෙත් විද්දා. විදපු බෙහෙත් එකේ අතුරු ප්‍රතිඵලයක් කියලා තමා වෛද්‍යවරු කිව්වේ. දුවගේ කන් දෙකම ඇහෙන්නේ නෑ. ලක්ෂ 28 මැෂින් එකක් අපිට රජයෙන් පාස් කරලා දුන්නා. ඒ මැෂින් දැන් බැටරිය බහිනවා. බබාට එතකොට ඇහෙන්නේ නෑ. බබාගේ අධ්‍යාපනය සේරම වැටිලා තියෙන්නේ දැන්. මහත්තයා කුලී වැඩකරන්නේ. මගේ දුවට අලුත් මැෂින් එකක් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න.”
චෙනුලි සදිස්මා පුංචි දියණියට උදව්වක් කිරීමට හැකි අයෙක් වෙතොත් පහත දුරකථන අංකයෙන් වැඩිදුර විස්තර ලබා ගැනීමට හැකියාව තිිබෙනවා.
දුරකථන – 0775231617